හෝමාගම කර්මාන්තපුරයේ සේවකයන්ට දැනුම්දීමක්

හෝමාගම කර්මාන්ත පුරයේ සේවකයන්ට මුඛ ආවරණ පැළඳ සේවයේ නිරත වන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා.මීට මාස කිහිපයකට පෙර එම කර්මාන්ත පුරයේ ගිනි ගැනීමකට ලක්වු ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් ඊයේ රාත්‍රීයේ සිට යළිත් අධික දුමාරයක් පැවතීම ඊට හේතුවයි.

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ගිනි ගැනීමකට ලක්වුණේ මීට මාස කිහිපයකට පෙරයි.ඊයේ රත්‍රීයේ සිට යළිත් එම කර්මාන්ත ශාලා භූමියෙන් අධික දුමාරයක් පැතිරෙමින් ඇති බව හෝමාගම පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් ප්‍රදේශය පුරා අධික ක්ලෝරීන් දුගදක් සහ ඇස්වල දැඩි දැවිල්ලක් ඇති වීමේ තත්ත්වයක් ද මතුව තිබෙනවා.ගිනි ගැනීමට ලක්වු කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇති අතර ක්ලෝරීන් සහිත භූමියට වර්ෂාව පතිතවීමත් සමග මෙම දුමාරය හටගෙන ඇති බවටයි ආරක්ෂක අංශ සැක කරන්නේ.

ගින ගැනීමේ තත්ත්වයක් ඇති වුවහොත් එය වැළැක්වීම සදහා ගිනි නිවන රථයක් සහ ජල බවුසරයක්ද කර්මාන්ත පුරය අසළ ස්ථාන ගත කර තිබෙනවා.මෙම තත්ත්වය පිළිබඳ කර්මාන්ත පුරයේ සේවකයින් දැනුවත් කර ඇති අතර ඔවුන් මුඛ ආවරණ පළඳන ලෙස ද පොලිසිය ඉල්ලීමක් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?