හෝමාගම කර්මාන්තපුරයේ ගින්න පාලනය කෙරේ – ප්‍රදේශවාසීන්ටත් තහනමක් (ඡායාරූප)

හෝමාගම කර්මාන්තපුරයේ රසායනික ගබඩාවක ඊයේ (17) රාත්‍රීයේ හදිසි ගින්නක් හට ගත්තා.

මෙම ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවිම් ඒකකය සහ හොරණ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කටයුතු කළ අතර මේ වනවිට එය පාලනය කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම මෙම ගින්න පාලනයට හෝමාගම – පනාගොඩ යුද හමුදා කඳවුරේ හමුදා භටයින්ගේ ද සහාය හිමිව තිබුණා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 07ක් යෙදවීමටයි කටයුතු කර තිබුණේ.

ඊයේ (17) රාත්‍රී 8.30ට පමණ හටගත් මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර ගින්න ඇති වූ ප්‍රදේශයට ඇතුළුවීමට මේ වනවිට ප්‍රදේශවාසීන්ට තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

රසායනික ගබඩාවක ඇති වූ මෙම ගින්න හේතුවෙන් හෝමාගම සහ ඒ අවට පදිංචිකරුවන් වෙත මුව ආවරණ පළඳින ලෙසට කොළඹ ආපදා කළමනාකරණ ඒකකය ඊයේ රාත්‍රියේ ම විශේෂ දැනුම්දීමක් කළා.

මෙම ගින්නත් සමඟ ඇතිවිය හැකි ශ්වසන ආබාධයන් අවම කරගැනීම සඳහා මෙම පියවර ගන්නා ලෙසට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එම ප්‍රදේශවල ළිං වසා තබන ලෙසට ද උපදෙස් ලබා දී තිබුණා.

367729399 741527554623649 1831510179110532678 n
366746349 741527467956991 5703035646662563707 n
366686877 741527731290298 3304408837569810426 n
367375008 741527721290299 2412768419884671142 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29