Empty Ad
Empty Ad
AFC Banner

හොර පාස්පෝට්වලින් රට පනින්න හැදූ දෙදෙනකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (31) දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් පළමු වැන්නා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි වාර්තා වූයේ.

ඔහු අද උදෑසන 07.10ට නේපාලයේ – කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සැකකරු සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිම කර, විගමන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණ සිටියදී ඔහුගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ එම නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු අනුව, වැඩිදුරටත් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී, ඒවා තුළ සඟවා තිබූ ඔහුගේ රුවට සමාන රුවක් යොදා, ඔහුගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර තිබූ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ද සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, එහිදී ඔහුත් සමග තවත් මෙවැනි ම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් රැගත් පුද්ගලයෙකු මේ වනවිට, ගුවන් තොටුපොළ සියලුම නිෂ්කාශන කටයුතු නිමා කර, ඉන්දීය ගුවන් යානය වෙත පිවිසී සිටින බවයි හෙළි ව ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන නිලධාරීන්, එම ගුවන් යානය තුළට පිවිස, මෙම ගුවන් මගියා සෙවීමේ කටයුතු ආරම්භ කළා.

ඒ වනවිටත් එම ගුවන් මගියා ඔහුට හිමි ආසනය මගහැර වෙනත් මගියෙකුගේ ආසනයෙහි අසුන් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

මෙම පසුබිම යටතේ ඉන්දීය ගුවන් සේවිකාවන්ගේ ද සහාය ඇතිව එම ගුවන් මගියා හඳුනාගෙන අත්අඩංගුවට ගැනුණා.

ඔහු වව්නියාව – අක්කරායන්කුළම් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක්.

මෙසේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?