හොර පාරෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ ජාවාරමක් ගැන තොරතුරු එළියට

හොර පාරෙන් ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ 430ක් පැරණි හා අබිලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදු කරනු ලබන සංවිධානාත්මක ජාවාරමක් සම්බන්ධයෙන් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් කරගෙන යමින් තිබුණු විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපොළ හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම විමර්ශනය ඊයේ (22) භාරගනු ලැබීය.

මෙම වාහන ජාවාරම කරගෙන ගොස් තිබුණේ කඩවත පහළ කරගහමුණු පදිංචි පුද්ගලයෙකි.

එම පුද්ගලයාව ව්‍යාජ ලේඛන මත ලියාපදිංචි කළ ජීප් රථයක් ද සමඟ පසුගිය ජූනි 13 වැනිදා අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදී මෙම ජාවාරම ගැන තොරතුරු හෙළි කර ගැනීමට මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් විය. ව්‍යාජ ලේඛන මත සකස් කර ඇති වාහන 430ක අංක ද මෙහිදී මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සොයා ගන්නා ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පොලිස්පතිවරයා පවරා ඇත්තේ එම වාහන 430 සොයාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පැවැත්වීමේ වගකීම බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළා.

ව්‍යාජ ලේඛන යොදා සුඛෝපභෝගී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ජාලයේ මහ මොළකරුවකු වන ඔහු සතුව තිබී එසේ ලියාපදිංචි කළ වාහන 430ක ලැයිස්තුවක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් සොයාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?