හොර අධ්‍යාපන ආයතනයක් වටලා 24 හැවිරිදි අධ්‍යකෂවරිය අත්අඩංගුවට

බම්බලපිටිය, ලෝරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මාර්ග ගත ක්‍රමය ඔස්සේ වැඩමුළු පවත්වමින්
මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

නීත්‍යානූකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇති බවයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මෙහිදී එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පාඨමාලාවේ වර්ගය අනුව රුපියල් 100,000ක සිට රුපියල් 445,000 දක්වා මුදල් අයකරගෙන ඇති බව සඳහන්.

මෙලෙස වංචා සහගත ලෙස මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් පැමිණිලි 43ක් ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු වුව ද එම කොමිෂන් සභාවේ ලියාපදිංචිවීමකින් තොරව මෙම ආයතනය අනවසරයෙන් ව්‍යාජව පවත්වාගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු මෙම සැකකාරිය එම ආයතනයේ අධ්‍යකෂවරිය ලෙස කටයුතු කර ඇති අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙම වංචාවලට හසු වූ පුද්ගලයින් 1,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ආයතනය මඟින් විවිධ විද්‍යුත් මාධ්‍යයන් උපයෝගි කර ගනිමින් රැකියා අවස්ථා ලබාදීමට, උසස් අධ්‍යාපනයට දැන්වීම් පළකරමින් තවදුරටත් මුදල් එකතු කිරීමේ කටයුතු නිරතවන බවට ද වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ව්‍යාජ ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
14
+1
3
+1
5
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?