හොරෙන් රට පනින්න ගිය තරුණයා ගුවන්තොටේදී මාට්ටු

අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර, කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සඳහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අද (10) අලුයම ගුවන්යානයේ අසුන්ගෙන සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙකි.

ඔහු අද අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයට පිවිස අසුන් ගෙන තිබෙනවා.

ඔහු ඒ වනවිට ගුවන්තොටුපොළ සියලුම මගී නිශ්කාශන කටයුතු නිමවා සිටියත් ඔහු පිළිබඳ ඇති වූ සැකය මත, ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය ලබා ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්, ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමේදී ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බව අනාවරණය වී තිබේ.

ඉකුත් 2012 වසරේ බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාව වෙත පළා යාමට තැත් කර අත්අඩංගුවට පත් වීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට එරෙහිව පවතින නඩුකරයක් සම්බන්ධව රටින් පිටවීම තහනම් කරමින් මෙම නියෝගය පනවා තිබෙනවා.

එම තොරතුරු කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන්ට සහ ගුවන් සේවා නිලධාරීන්ට හසු වීම වළක්වා ගැනීම සදහා මෙසේ මොහු සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර කූඨ ලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසා, භාවිතා කර තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53