හොරෙන් ගෙන්වා හොරට ලියාපදිංචි කළ ජීප් රථයක් දෙල්දූවෙන් සොයාගනී

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කළ ජීප් රථයක් සමඟ සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මොරොන්තුඩුව පොලිස් වසමේ අරියගම, දෙල්දූව ප්‍රදේශයේ දී ඊයේ (02) සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජීප් රථය සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 38 ක් වන දෙල්දූව, වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සහ ජීප් රථය මොරොන්තුඩුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර විමර්ශන එම පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?