හොරණ ලක්ෂ හතළිහේ මංකොල්ලයේ සැකකරුවන් අල්ලයි (ඡායාරූප)

හොරණ, සව්ගස් හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධ පෙන්නා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවනදා හොරණ, සව්ගස් හන්දිය ප්‍රදේශයේ පිහිටි තිරිඟු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදාහරින ආයතනයකින් ලක්ෂ 40කට ආසන්න මුදලක් මෙලෙස කොල්ල කා තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් තියුණු ආයුධ පෙන්වා එම ආයතනයේ සිටි සේවකයින් දෙදෙනෙක් ද ගැටගසා මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ තවත් සැකකරුවන් දෙදෙනෙක් කළුතර අපරාධ කොට්ඨාසය මගින් අද (22) දිනයේ අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී මංකොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 11ක්, කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය, හෙල්මට් දෙක සහ තියුණු ආයුධ දෙකක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අවට පිහිටි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ දර්ශන ආධාරයෙන් වැඩිදුර විමර්ශන සිදුකළ පොලිසියට කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මංකොල්ලය සිදුකළ අවස්ථාවේ දී යතුරුපැදියේ පසුපැදිකරු වශයෙන් කටයුතු ප්‍රධාන සැකකරු හොරණ, පොකුණුවිට මංසන්ධියේ දී පළමුව අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු මීට පෙර භික්ෂුවක්ව ලෙස හිඳ මේ වනවිට ගිහියෙක් ලෙස ජීවත්වෙන අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී එම යතුරුපැදිය පැදවූ අනෙක් සැකකරු හොරණ නගරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මංකොල්ලකෑම සඳහා උපදෙස් ලබාදුන් පුද්ගලයා වන හොරණ, සිදුරංගල ප්‍රදේශයේ පිහිටි බේකරියක හිමිකරුවෙක් සහ ඊට ආධාර අනුබල ලබාදුන් කොල්ලකෑම සිදු වූ ආයතනයේ සේවකයෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් මංකොල්ලකෑ මුදල් බෙදාගැනීමට කටයුතු කර ඇති අතර, මංකොල්ලයට පැමිණි සැකකරුවන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනා මංකොල්ලකෑ මුදල්වලින් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය සඳහා වියදම්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් හෙට (23) දිනයේ දී හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

IMG 20240422 WA0024
IMG 20240422 WA0027
IMG 20240422 WA0030
IMG 20240422 WA0029
IMG 20240422 WA0028
IMG 20240422 WA0026
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?