පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමක දී ව්‍යාජ ලියකියවිලි සහිතව ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලියකියවිලි භාවිතයෙන් ලියාපදිංචි කර ඇති ජීප් රථය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවට වාර්තා වන මෙම ජීප් රථයේ වත්මන් හිමිකරුගෙන් විමර්ශකයින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙම වංචනික ලියාපදිංචිය වසර 10 කට පමණ පෙර සිදුකර ඇති බව මූලික විමර්ශනවල දී පෙනී යන බවයි පොලිසිය සඳහන් කළේ.
රථයේ මුල් හිමිකරුවන් සොයා ගැනීමට සහ මුල් නීති විරෝධී ලියාපදිංචියට වගකිව යුතු අය හඳුනාගැනීමට පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
අත්අඩංගුවට ගැනුණු ජීප් රථය වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා පන්නල පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.





