හොඳටම සූර් වූ රාළහාමි යතුරු පැදියෙන් පැමිණි දොස්තරව රෝහලට යවයි

මාදම්පේ ගල්මුරුව රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයකු අනතුරට ලක්කල මාදම්පේ පොලිසියේ පොලිස් කොස්තාපල් වරයකු දුම්මලසුරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාදම්පේ ගල්මුරුව රෝහලේ සේවය කරනු ලබන තරුණ වෛද්‍යවරයෙක්

අදාල වෛද්‍යවරයා තම යතුරු පැදියෙන් දුම්මලසුරිය සිට මාදම්පේ ගල්මුරුව දක්වා ගමන් කරමින් සිටියදී කට්ටිමහන මංසන්දීයෙදී රාජකාරි අවසන්ව නිළ ඇදුමින් සැරසි නිවස බලා ගමන් කරමින් සිටි මාදම්පේ පොලිසියට අනුයුක්තව සේවයක කරනු ලබන පොලිස් කොස්තාපල් වරයකු පිටුපසින් පැමිණ අනතුරට ලක්කර ඇති බව දුම්මලසුරිය පොලිසිය පවසයි.

වෛද්‍යවරයා අනතුරට ලක්කල පොලිස් කොස්තාපල් වරයා අනතුර සිදුකරන අවස්ථාවේදි අධික ලෙස මත්පැන් පානය කර තිබු බවට වායු පීඩන නලයක් ලබා දීමේන් පසු තහවුරු වී ඇති බව වාර්තා වේ.

පොලිස් කොස්තාපල්වරයා පිටු පසින් පැමිණ වෛද්‍යවරයා අනතුරට ලක්කර තිබු අතර එහිදි සුළු තුවාල සිදුව තිබු වෛද්‍ය වරයාව ගල්මුරුව රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කර තිබු බව දුම්මලසුරීය පොලිසිය පැවසීය

දුම්මලසුරිය පොලිසය විසින් අත් අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් වරයා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?