හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුව ජනවාරියට කල් යයි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත් මෙම නඩුවට මෙතෙක් විනිසුරු මඩුල්ලක් නම් කර නොතිබීම හේතුවෙන් එහි විභාගය ජනවාරි මස 26 වැනිදා යළි කැඳවන බව මහාධිකරණ රෙජිස්ටර්වරිය නිවේදනය කර සිටියා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර නියෝග කර තිබුණා.

එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන් නිදහස් කොට නිදහස් කරමින් දුන් තීන්දුව ඉවත දමමින් අදාළ නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව තීන්දුවක් ලබාදෙන ලෙස එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියම කර තිබුණා.

ඒ, අනුව මෙම නඩුව යළි විභාගය සඳහා කැඳවා තිබෙන අතර එය යළි ජනවාරි මස 26 වැනි දා කැඳවීමට ද නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04
Video thumbnail
ඉස්සරහට කරන්ට් කප්පාදුවක් වෙනවා..මේකට වගකියන්න ඕනේ අනුර කුමාර
01:33
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි..159යේ අම්මා අප්පගේ බූදලයෙන් දෙන්නේ නෑනේ..ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
09:04
Video thumbnail
රට Lockdown කිරීමේ අවදානමක් තියෙනවා ?හිටපු ජනපතිලා කැඳවලා..ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කරන්න
02:08
Video thumbnail
ආණ්ඩුවේ ඩෝබිලා දාලා තමයි මාධ්‍යයට සත්තම දාන්නේ..මේවා ඕකපාතිකව වෙන දේවල් නෙවෙයි
02:28
Video thumbnail
ඉදිරියේදී තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක් සිදුවෙන්නේ..ඉන්ධන නිසා තැපැල් දෙපාර්තමේන්තුවටත් බාධා
05:09
Video thumbnail
ඊයේ රෑ ඉදලා ආණ්ඩුව රට්ටුන්ට ෆුල් ආතල් එකක් දුන්නේ..මේ ආණ්ඩුව ස්වයං වින්දනයක ඉන්නේ
02:51
Video thumbnail
තිස්ස කුට්ටි ජනපති අනුර ගැන ගුණ වයයි..ෂෙඩ්වල පෝළිම් නෑ..ජනපතිට Respect කරනවා
04:52
Video thumbnail
"මෙතන කිසිම පෝළිමක් නෑනේ යන්න මහත්තයා ඔය මයික් එක අරගෙන"බොරු කරන්න එපා ඔයා - අපි සතුටින් ඉන්නේ
02:09
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33