හෙසන්ට පාකිස්තානු සුදු පන්දුවේ ප්‍රධාන පුහුණුකාරීත්වය

පාකිස්තාන සුදු පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මයික් හෙසන් (Mike Hesson) පත් කර තිබෙනවා.

නවසීලන්තයේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන හෙසන් මැයි 26 වැනි දින සිට පාකිස්තානය සමග එක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මාස පහක් අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අකිබ් ජාවෙඩ් වෙනුවට හෙසන් පත් කර තිබෙන බවත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවා.

හෙසන්ගේ කොන්ත්‍රාත්තුවේ කාලය නිල වශයෙන් හෙළි කර නැති වුව ද, මෙම පත්වීම දෙවසරක ගිවිසුමකට යටත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ගැරී කර්ස්ටන් ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කොන්ත්‍රාත්තුවෙන් මාස හයක දී හදිසියේම ඉල්ලා අස්වීමෙන් පසු මාස ​​පහක් සඳහා අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අකිබ් ජාවෙඩ් පත් කෙරුණා.

ඊට නිත්‍ය පිළියමක් ලෙසටයි හෙසන් පත් කර ඇත්තේ.

මයික් හෙසන් යනු කලක් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු දක්ෂතම ක්‍රීඩකයෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?