හෙරොයින් සහ අයිස් සමග 7ක් අත්අඩංගුවට

ලැබුණු තොරතුරු අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් කිහිපයකින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) සවස මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම යොවුන් සේනාංකය ආසන්නයේදී අයිස් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 880ක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් රුපියල් 69980ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

35 හැවිරිදි සැකකරු පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයා මන්නාරම පොලිසියට භාරදී ඇති අතර ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කළ වැටලීමකින් හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 480ක්, ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 640ක් සහ ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 124ක් බැගින් මෙම සැකකරුවන් තුන්දෙනා සතුව තිබී සොයා ගැණුනා.

අවුරුදු 37, 38 සහ 48 වයස්වල පසුවන සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයන් තුන්දෙනා අද මාළිගාකන්ද අංක 2 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර සහ අලුත් මාවත යන ප්‍රදේශවලදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 120ක් සහ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 170 බැගින් සොයාගෙන තිබෙනවා.

මෝදර සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 47 වයස්වල පසුවනවා.

එම පුද්ගලයන් දෙදෙනා ද අද මාලිගාකන්ද අංක 2 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොච්චිකඩේ සුනාමි වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 150ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි සැකකරු අවුරුදු 29ක පුද්ගලයෙක්. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?