හෙරොයින් සහ අයිස් සමග 7ක් අත්අඩංගුවට

ලැබුණු තොරතුරු අනුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් කිහිපයකින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) සවස මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම යොවුන් සේනාංකය ආසන්නයේදී අයිස් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 880ක් වෑන් රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් රුපියල් 69980ක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

35 හැවිරිදි සැකකරු පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම පුද්ගලයා මන්නාරම පොලිසියට භාරදී ඇති අතර ඔහු අද මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මාලිගාවත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කළ වැටලීමකින් හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 480ක්, ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 640ක් සහ ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 124ක් බැගින් මෙම සැකකරුවන් තුන්දෙනා සතුව තිබී සොයා ගැණුනා.

අවුරුදු 37, 38 සහ 48 වයස්වල පසුවන සැකකරුවන් මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම පුද්ගලයන් තුන්දෙනා අද මාළිගාකන්ද අංක 2 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර සහ අලුත් මාවත යන ප්‍රදේශවලදී ද හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ රාත්‍රී වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 120ක් සහ ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 170 බැගින් සොයාගෙන තිබෙනවා.

මෝදර සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 47 වයස්වල පසුවනවා.

එම පුද්ගලයන් දෙදෙනා ද අද මාලිගාකන්ද අංක 2 මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කොච්චිකඩේ සුනාමි වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 150ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි සැකකරු අවුරුදු 29ක පුද්ගලයෙක්. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02