හෙරොයින් සමඟ ඇල්ලූ ප්‍රින්සිපල් රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (12) දින අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ සැකකරු ඔහුට අයත් හෝටලයක වළදමාසඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් සමඟ පසුගිය නොවැම්බර් මස 05 වනදා අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් බවයි පසුව අනාවරණය වුණේ.

සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර සැකකාර විදුහල්පතිවරයා අද (12) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?