හෙරොයින් සමඟ ඇල්ලූ ප්‍රින්සිපල් රිමාන්ඩ්

අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනුණු විදුහල්පතිවරයා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අද (12) දින අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කළ සැකකරු ඔහුට අයත් හෝටලයක වළදමාසඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185ක ප්‍රමාණයක් සමඟ පසුගිය නොවැම්බර් මස 05 වනදා අත්අඩංගුවට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරියක් බවයි පසුව අනාවරණය වුණේ.

සැකකාර විදුහල්පතිවරයාගේ පුත්‍රයා ද මීට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මේ අතර සැකකාර විදුහල්පතිවරයා අද (12) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පෙර අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33