Empty Ad
AFC Banner
Empty Ad

හෙරොයින් සමග බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාරයේ සේවයේ යුතු බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් මිලි ග්‍රෑම් 2100ක් සමඟ මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9ට පමණ මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ දී සැකකරු අත්අඩංගුවට පත්වී ඇති බවයි.

මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන අවස්ථාවේ ලබාදුන් තොරතුරක් මත මෙම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්වී තිබෙනවා.

ඒ ඔහු බන්ධනාගාරයේ සේවය සඳහා යෑමට මහනුවර දිගන බස් නැවතුමේ රැඳී සිටියදීයි.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් ද අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතයි.

රත්නපුර නගරසභාගම පදිංචි සැකකරු 30 හැවිරිදි වියේ පසුවන අයෙක්. මොහු බන්ධනාගාර රැඳවියන්ට අළෙවි කිරීම සඳහා මත්කුඩු රැගෙන ගියේ ද යන්න සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ලොක්කා ජනාධිපති වගේම ගමේ ලොක්කා වෙන්නේ අපේ සභාපති
08:38
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
00:56
Video thumbnail
නාමල් වෙනුවෙන් පණ වුණත් දෙන්නම් - හොරණදී තරුණියක් හඬා වැටෙයි
05:10
Video thumbnail
රජයෙන් ලක්ෂ 20ක් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න
03:54
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56

?