හෙරොයින් ප්‍රවාහනය කල කතක් දැළේ

හෙරොයින් ප්‍රවාහනය කල කාන්තාවක් සහ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ ඊයේ(08) බෙම්මුල්ල පොළ හන්දියේ දීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 280ක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් භාරයට ගැනුනු බව පොලීසිය පැවසුවා.

අත්අඩංගුවට පත් කාන්තාව 28 වියෙහි පසුවන අතර අනෙක් පුද්ගලයා 36 හැවිරිදි උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

සිද්දිය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.