හෙරොයින් ජාවාරම්කරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට විරුද්ධව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

මෙම විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිල්ල විසින් අධිකරණයට දැනූම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?