හෙරොයින් ජාවාරම්කරුවෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

කොළඹ, බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 83.7 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මෙම විත්තිකරුට විරුද්ධව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

දීර්ඝ විභාගයකින් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි.

මෙම විත්තිකරුට පෙර වැරැද්දක් පවතින බවත් පැමිණිල්ල විසින් අධිකරණයට දැනූම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?