හෙරොයින් කිලෝ 500කට ආසන්න ප්‍රමාණයක් විනාශ කෙරේ (ඡායාරූප)

අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් කළ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද (28) සිදුකෙරුණා.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 494යි ග්‍රෑම් 48ක් ප්‍රමාණයක් විනාශ කිරීමටයි කොළඹ මහාධිකරණය නියෝහ කර තිබුණේ.

ඒ, අනුව එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය INSEE සිමෙන්ති සමාගමට අයත් පුත්තලම, පලාවිය ප්‍රදේශයේ පිහිටි දහන උඳුනේදී විනාශ කෙරුනේ අද පෙරවරුවේ දීයි.

එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම සඳහා කොළඹ මහධිකරණයෙන් භාරගැනීම සිදු කෙරුණේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මූලිකත්වයෙන්.

2021-12-15 වන දින සිදුකළ වැටලීමක දී ආරක්ෂක අංශ භාරයට ගත් හෙරොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක් සහ 2022-04-19 වන දින ආරක්ෂක අංශ භාරයට ගත් හෙරොයින් කිලෝ 243යි ග්‍රෑම් 52ක ප්‍රමාණයක් නඩු කටයුතු අවසන්වීමෙන් පසු අද දිනයේ මෙලෙස විනාශ කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?