AFC Banner
Empty Ad
Empty Ad

මිලියන 4000ක් වටිනා හෙරොයින් කිලෝ 200ක් සමග 5ක් අත්අඩංගුවට

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 200කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

මෙම මෙරට බහුදින ධීවර යාත්‍රාව අද (22) උදෑසන දෙවුන්දර ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.

අනතුරුව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව පරීක්‍ෂා කිරීමේදී එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කල හෙරොයින් කිලෝ 200 කට අධික තොගයක් හමුවී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකෙරෙමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?