හෙරොයින් කිලෝ 08කට වැඩි ප්‍රමාණයක් සමඟ අයෙක් බේරුවල දී අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 304ක් සමඟ සැකකරුවෙකු බේරුවල – අබේපිටිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගාල්ල උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

බේරුවල – අබේපිටිය ප්‍රදේශයේ නිවසක සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 07ක තිබී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉරිදිපත් කිරීමෙන් පසු දින 07ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?