Empty Ad
AFC Banner
AFC Banner

හෙම්මාතගම ගින්නක්, කුඩා දරුවෙකු මරුට

හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ නිවසක ඇතිවූ හදිසි ගින්නකින් 9 හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ.

අද (04) උදෑසන එම ගින්න හටගෙන ඇති බව හෙම්මාතගම පොලීසිය පවසයි.

හදිසි ගින්නෙන් මියගොස් අත්තේ, හෙම්මාතගම පාසලක 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අදීශ මදුෂික විමලසේන නැමැති දරුවෙකි.

අදීශ මදුෂික විමලසේන දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ බාල පිරිමි දරුවාය.

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ, මියගිය දරුවාගේ මිත්ණිය පමණි.

මියගිය දරුවා තම මිත්තණියගෙන් උදෑසන විදුලි බලය විසන්ධි වූ අවස්ථාවේදී ගිනිපෙට්ටියක් ඉල්ලා ඇත.

පසුව අදිෂ එම ගිනිපෙට්ටිය රැගෙන කාමරය වෙත ගොස් තිබේ.

ඉන් අනතුරුව ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

පසුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව නිවසේ ඇතිවූ ගින්න නිවා දැමුවත් නිදියහනේම දරුවා මියගොස් තිබුණි.

නිවසේ කාමරයක දිනගණනාවක් තිස්සේ ගබඩා කර තිබූ පෙට්‍රල් තොගයකට ක්ෂණිකව ගිනිගන්නට ගෙන ඇති බව පොලීසිය සැකපළකරයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?