හෙට සිට මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය ජනතා අයිතියට

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) විවෘත වේ.

මරඳගහමුල නගරය සහල් තොඟ වෙළඳාම සදහා මෙරට ප්‍රසිද්ධ නගරයකි. මෙරටතුළ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස ව්‍යාපාරික ප්‍රජාවක් සිටින එකම ස්ථානය මරඳගහමුලයි. 1977 වසරේ සිට මේ දක්වා සහල් ව්‍යාපාරකයින් දුෂ්කරතා රැසක් මැද තම ව්‍යාපාරික කටයුතු මරඳගහමුලනගරයේ සිදු කරයි. එහෙත් සහල් අලෙවිය සඳහා පහසුකම් සහිත නියමිත ස්ථානයක් නොපැවතීම සහ සහල් ගබඩා කිරීමේ ස්ථානයක් නොපැවතීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව සිටියහ.මරඳගහමුල ධන්‍යාගාර සංකීර්ණය හා තොඟ වෙළඳ මධ්‍යස්ථානය පිහිටි ඉඩම අක්කර දෙකක පමණ විශාලත්වයකින් යුතුය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ වෙළඳ කුටි 115 න් පමණ සමන්විත මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 459 මුදලක් වැයවූ බවයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත. ගබඩා සංකීර්ණයේ වී මෙක්ට්‍රික් ටොන් 75,000ක් පමණ ගබඩා කිරීමට පහසුකම් ඇත. වී අළවි මණ්ඩලය යටතේ පවතින එම ගබඩා දෙකද මේ වනතෙක් කිසිඳු ප්‍රයෝජනයක් ගෙන නැති බවට වෙළෙඳුන් චෝදනා කරයි. මෙම ගබඩා සංකීර්ණය ලබන මහ කන්නයේ සිට වී ගබඩා කිරීමට බස්නාහිර පළාත් සමූපාකාර දෙපාර්තමේන්තුවට ලබාදෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53


?