හෙට සිට ආරක්ෂිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන යළි විවෘත කරන ලෙස දැනුම්දීමක්

අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් හෙට (01) දිනයේ සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් දැනුම් දී තිබෙනවා.

පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා අත්‍යවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?