හෙට විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක්

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කතානායකවරයා විසින් මෙලෙස පාර්ලිමේන්තුව හෙට (30) දිනයේ කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ. අනුව මීට අදාළව ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය හෙට (30) පස්වරු 4.30 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර පාර්ලිමේන්තුව යළි ජූලි මාසයේ 8, 9 සහ 11 යන දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?