AFC Banner
AFC Banner
Empty Ad

හෙටින් අවසන් වන මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන දැනුම්දීමක් – ඡන්දෙ දීලා ගෙදර යන්න – කොමිසම කියයි

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් සිදු කරගෙන ආ මැතිවරණ ප්‍රචාරණ රැළි සියල්ල ම හෙට (18) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ; හෙට දින දවස තුළ සිදු කරන මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල ඒ ඒ මාධ්‍ය ආවරණ කටයුතු අනිද්දා (19) දින එක් ප්‍රවෘත්ති ප්‍රකාශයකින් ප්‍රකාශ කිරීමට කොමිෂන් සභාව අවසර ලබා දී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදහස් පළ කළා.

ඒ මහතා පෙන්වා දුන්නේ ඡන්දය ප්‍රකාශ කර අවසන් වූ පසු ඡන්ද පෙට්ටිවල රහස් අංකය යොදා ආරක්ෂා සහිතව ගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්; කිසිදු අයුරකින් ඡන්ද පෙට්ටි මාරු කිරීම හෝ වෙනත් කිසිදු දූෂණ ක්‍රියාවක් සිදු වීමට ඉඩකඩක් නොලැබෙන අයුරින් සියලු ම ආරක්ෂක විධිවිධාන සකසා අවසන් බවයි.

ජනාධිපතිවරණයට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව හා සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් විසින් සංවිධානය කර අවසන් වෙමින් පවතින බව ද සභාපතිවරයා පැවසුවා.

මේ වන විට තිබෙන්නේ අවසන් සංවිධාන කටයුතු පිළිබඳ ව අවශ්‍ය කටයුතු සිදු කිරීම බවත් මැතිවරණ රාජකාරී කටයුතුවල යෙදෙන සියලුම නිලධාරීන්ට අවශ්‍ය වන පත්වීම් ලිපි තැපැල් මගින් යොමු කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

පත්වීම් ලිපි නිකුත් කර සිටින නිලධාරින් අනිවාර්යයෙන්ම රාජකාරී කටයුතු සඳහා යෑම අත්‍යවශ්‍ය බවයි හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේ.

සියලුම ඡන්දදායකයකින් සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත යන ලෙසත් නිකරුණේ ඡන්ද මධ්‍යස්ථාන අසල නො ගැවසෙන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?