හෙටින් අවසන් වන මැතිවරණ ප්‍රචාරක කටයුතු ගැන දැනුම්දීමක් – ඡන්දෙ දීලා ගෙදර යන්න – කොමිසම කියයි

මෙවර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් සිදු කරගෙන ආ මැතිවරණ ප්‍රචාරණ රැළි සියල්ල ම හෙට (18) මධ්‍යම රාත්‍රී 12න් පසුව අවසන් කෙරෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ; හෙට දින දවස තුළ සිදු කරන මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වල ඒ ඒ මාධ්‍ය ආවරණ කටයුතු අනිද්දා (19) දින එක් ප්‍රවෘත්ති ප්‍රකාශයකින් ප්‍රකාශ කිරීමට කොමිෂන් සභාව අවසර ලබා දී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ද ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදහස් පළ කළා.

ඒ මහතා පෙන්වා දුන්නේ ඡන්දය ප්‍රකාශ කර අවසන් වූ පසු ඡන්ද පෙට්ටිවල රහස් අංකය යොදා ආරක්ෂා සහිතව ගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්; කිසිදු අයුරකින් ඡන්ද පෙට්ටි මාරු කිරීම හෝ වෙනත් කිසිදු දූෂණ ක්‍රියාවක් සිදු වීමට ඉඩකඩක් නොලැබෙන අයුරින් සියලු ම ආරක්ෂක විධිවිධාන සකසා අවසන් බවයි.

ජනාධිපතිවරණයට අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව හා සියලුම දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් විසින් සංවිධානය කර අවසන් වෙමින් පවතින බව ද සභාපතිවරයා පැවසුවා.

මේ වන විට තිබෙන්නේ අවසන් සංවිධාන කටයුතු පිළිබඳ ව අවශ්‍ය කටයුතු සිදු කිරීම බවත් මැතිවරණ රාජකාරී කටයුතුවල යෙදෙන සියලුම නිලධාරීන්ට අවශ්‍ය වන පත්වීම් ලිපි තැපැල් මගින් යොමු කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

පත්වීම් ලිපි නිකුත් කර සිටින නිලධාරින් අනිවාර්යයෙන්ම රාජකාරී කටයුතු සඳහා යෑම අත්‍යවශ්‍ය බවයි හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේ.

සියලුම ඡන්දදායකයකින් සිය ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව නිවෙස් වෙත යන ලෙසත් නිකරුණේ ඡන්ද මධ්‍යස්ථාන අසල නො ගැවසෙන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34