හුරුළුවැවෙන් තවමත් මතුවෙන උණ්ඩ

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට තරුණයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව හුරුළු දේවාලය ආසන්නයේ ඇති හුරුළුවැවෙහි දිය නාන තොටුපළ ආසන්නයේ රළපනාව අසළ තිබී උණ්ඩ තොගයක් ඊයේ (11) සවස 4.30 ට පමණ පොලිසිය විසින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

හුරුළුවැවට දිය නෑම සදහා පැමිණි තරුණයන් දෙදෙනක් විසින් මෙම උණ්ඩ තොගය දැක තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව එම ස්ථානයට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් පැමිණි මෙම ස්ථානය පරීක්ෂාකර ඇති අතැර ඒ අනුව එම නිළධාරීන්ට ටී 56 උණ්ඩ 21ක්, GPMG අවිවලට සහ MPMG අවිවලට භාවිතා කරන උණ්ඩ 33 ක්, මිලි මීටර් 09 පිස්තෝල අවි සදහා භාවිතා කරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක් සොයා ගනිමාට හැකි වූ පැවසෙනවා.

සොයාගත් මෙම උණ්ඩ සහ දුම්බෝම්බය ගලෙන්බිඳුණු වැව පොලිසිය භාරයේ පවතින අතර කෙසේ වෙතත් එම උණ්ඩ තොගය භාවිත කළ නොහැකි මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක වනවා.

මීට පෙරද මෙම හුරුළුවැව ආශ්‍රිතව සහ ගලෙන්බිඳුණු වැව ආශ්‍රිතව වැව් කිහිපයකින්ම මෙලෙස උණ්ඩ තොගයන් සොයාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ප්‍රතිඥා දීලම ආණ්ඩුවට දැම්ම සැර සත්තම..ටෙලිකොම් එකේ ඉතුරු ටික මතකද ? ලිට්‍රෝ එක මතකද ?
08:52
Video thumbnail
අපිට තියෙන එකම විකල්පය සජිත් රටේ ජනාධිපති කරන එක..රාජ්‍ය සේවය වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කළේ අපි
02:39
Video thumbnail
ඉරාන මිසයිල ඉලක්ක බටහිරට හැරෙයි ද ?අමෙරිකාවේ සාකච්ඡා කුණු කූඩයට දමා යළි ඇවිලෙන හැටි..
09:04
Video thumbnail
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක්..හැකි තරම් දියර ද්‍රව්‍ය පානය කරන්න
04:26
Video thumbnail
නැගෙනහිර පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන නැහැ..ආණ්ඩුවට කශේරුකාවක් නැද්ද ?
06:28
Video thumbnail
ඉදිරියේදී දැඩි ගෑස් අර්බුදයක් ? ගෑස් හිඟයක් තියෙනවා..ටෝකන් නිකුත් කරනවා
05:29
Video thumbnail
තෙල් වැඩි කළ හැටි ගැන ආණ්ඩුවෙන් කතා දෙකක්..කවුද ඇත්ත කියන්නෙ ? සුත්‍රයට තමයි - නෑ සුත්‍රයට නෙමෙයි
05:37
Video thumbnail
විදුලි භාවිතය අඩුකරන්න රාත්‍රී කාලයේ ලයිට් ඕෆ් කරනවා..?
02:11
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45