හුරුළුවැවෙන් තවමත් මතුවෙන උණ්ඩ

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට තරුණයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව ගලෙන්බිඳුණුවැව හුරුළු දේවාලය ආසන්නයේ ඇති හුරුළුවැවෙහි දිය නාන තොටුපළ ආසන්නයේ රළපනාව අසළ තිබී උණ්ඩ තොගයක් ඊයේ (11) සවස 4.30 ට පමණ පොලිසිය විසින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

හුරුළුවැවට දිය නෑම සදහා පැමිණි තරුණයන් දෙදෙනක් විසින් මෙම උණ්ඩ තොගය දැක තිබූ අතර මේ සම්බන්ධයෙන් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය ඔස්සේ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඉන් අනතුරුව එම ස්ථානයට ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් පැමිණි මෙම ස්ථානය පරීක්ෂාකර ඇති අතැර ඒ අනුව එම නිළධාරීන්ට ටී 56 උණ්ඩ 21ක්, GPMG අවිවලට සහ MPMG අවිවලට භාවිතා කරන උණ්ඩ 33 ක්, මිලි මීටර් 09 පිස්තෝල අවි සදහා භාවිතා කරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක් සොයා ගනිමාට හැකි වූ පැවසෙනවා.

සොයාගත් මෙම උණ්ඩ සහ දුම්බෝම්බය ගලෙන්බිඳුණු වැව පොලිසිය භාරයේ පවතින අතර කෙසේ වෙතත් එම උණ්ඩ තොගය භාවිත කළ නොහැකි මට්ටමේ පවතින බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මක වනවා.

මීට පෙරද මෙම හුරුළුවැව ආශ්‍රිතව සහ ගලෙන්බිඳුණු වැව ආශ්‍රිතව වැව් කිහිපයකින්ම මෙලෙස උණ්ඩ තොගයන් සොයාගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24