AFC Banner
AFC Banner
Empty Ad

හිසමතට පොල් ගෙඩියක් වැටී අවුරුදු තුන හමාරක පෙර පාසල් දැරියක් ජීවිතක්ෂයට

හිසමතට පොල් ගෙඩියක් වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස වයස අවුරුදු තුන හමාරක රනුලි හසත්මා නැමැති මාවනැල්ල, මාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

මාවනැල්ල නගරයේ පෙරපාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියගේ හිස මතට ඊයේ (01) පෙරවරුවේ මෙලෙස පොල් ගෙඩියක් වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට අතුළත්කර තිබෙනවා.

පෙර පාසලේ ගේට්ටුව වැසීමට පැමිණි එහි පාළිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනකු සමඟ නැවත පෙර පාසලට යමින් සිටිය දී මෙම දැරියගේ හිසට පොල් ගෙඩියක් වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?