සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා හිසතෙල් ගෑමේ නැකත අද (16) පූර්ව භාග 09:41ට උදා වුණා.
රතු සහ කහ මිශ්ර වස්ත්රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුග පත් ද තබා ඉඹුල්පත් යුෂ මිශ්ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම මැනවි බව මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්ය උත්සවය බියගම – හෙයියන්තුඩුව රජමහා විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













