හිරේ හිටිය ජොනී අද උසාවියට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අද (30) කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගියදා හිටපු අමාත්‍යවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔහුට අයත් යැයි කියන අධි සුඛෝපභෝගී වර්ගයේ මෝටර් රථයක් කොළඹ පිහිටි තරු පහේ හෝටල් සංකීර්ණයක රථ ගාලේ නවතා තිබියදී සිදු කළ පරීක්ෂණවල දී එම රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බවට හෙළි වීමත් සමගයි.

හිටපු අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදියි ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙසට නියෝගයක් නිකුත් වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?