හිරේට දැමූ කෘෂිකර්මයේ අතිරේක ලේකම් ගම්මම්පිල ඇප මත නිදහස් කෙරේ

2021 වසරේ දී චීනයේ පෞද්ගලික සමාගමකින් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයට අදාළ ව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයේ 75%ක මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් රජයට අයුතු පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

අද (05) දහවල් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කරමින් සැකකරුට විදෙස් ගත වීම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණා.

එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ එකී සිද්ධියට සම්බන්ධ යැයි එවකට කෘෂිකර්ම විෂයය භාර ව කටයුතු කළ අමාත්‍යවරුන් ද ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?