හිරේට දැමූ කෘෂිකර්මයේ අතිරේක ලේකම් ගම්මම්පිල ඇප මත නිදහස් කෙරේ

2021 වසරේ දී චීනයේ පෞද්ගලික සමාගමකින් ගෙන්වන ලද මෙරට ප්‍රමිතියට අනුකූල නොවන කාබනික පොහොර තොගයට අදාළ ව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දීම මගින් ඊට අදාළ පළමු පොහොර තොගයේ 75%ක මුදලක්, එනම් අමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් රජයට අයුතු පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මම්පිල මහතා රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබෙනවා.

අද (05) දහවල් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කරමින් සැකකරුට විදෙස් ගත වීම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණා.

එහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ එකී සිද්ධියට සම්බන්ධ යැයි එවකට කෘෂිකර්ම විෂයය භාර ව කටයුතු කළ අමාත්‍යවරුන් ද ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34