හිරේට ගිය හිටපු මහ ඇමති එස්.ඇම් රංජිත් සහ නෑනාගේ ඇප ඉල්ලීමට දැඩි විරෝධය

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්ට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන යන දෙදෙනාට මහාධිකරණය විසින් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනයට යටත්ව කොළඹ මහාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම අද (16) විරුද්ධත්වය ප්‍රකාශ කළා.

එම විරෝධතා සම්බන්ධයෙන් ලබන ජූලි 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස විත්තියට දින නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් පසුගිය අප්‍රේල් 02 වැනිදා එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 16ක සිරදඬුවමක් හා අමතරව රුපියල් ලක්ෂ 2 බැගින් දඩ නියම කෙරුණා.

එම තීන්දුව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයන් පසුගිය මැයි මස 15 වැනිදා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

අභියාචනයේ තීන්දුවට යටත්ව විත්තිය විසින් ගොනු කළ ඇප ඇයැදුම මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඉදිරියේ සලකා බැලුණු අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විරුද්ධව කරුණු දක්වා සිටියා.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන ජූලි 02 විරෝධතා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට දන්වා සිටි බවත් සඳහන්.

උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමරකෝන් මුදියන්සේලාගේ රංජිත් සමරකෝන් යන අය රජයේ සේවකයෙක් ලෙස කටයුතු කරමින් ඔහුගේ තනතුරට නීත්‍යනුකූල ව හිමිවන ඉන්ධන දීමනාව වැටුප සමඟ ලබා දී තිබියදී ඉන්ධන දීමනාව ලෙස රුපියල් 26,80,528.10ක මුදලක් 2012- 2014 වසර දෙක සඳහා ලබාගෙන තිබෙනවා.

ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන කටයුතු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අයුතු ලාභ ලැබීම ‍සඳහා 2 වැනි විත්තිකාරියට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය දඬුවම් නියම කළා.

ගලෙන්බිඳුණුවැව, කැකිරාව පාරේ පදිංචි කේ. නිමල් විජේතිලක නම් තැනැත්තා සිය පුරවැසි හිමිකම අනුව 2015 වසරේ දී දූෂණ මර්දන කමිටුව මගින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කිරීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
9
+1
0
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?