හිරේට ගිය හිටපු මහ ඇමති එස්.ඇම් රංජිත් සහ නෑනාගේ ඇප ඉල්ලීමට දැඩි විරෝධය

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්ට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන යන දෙදෙනාට මහාධිකරණය විසින් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනයට යටත්ව කොළඹ මහාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම අද (16) විරුද්ධත්වය ප්‍රකාශ කළා.

එම විරෝධතා සම්බන්ධයෙන් ලබන ජූලි 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස විත්තියට දින නියම වූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් පසුගිය අප්‍රේල් 02 වැනිදා එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිතව වසර 16ක සිරදඬුවමක් හා අමතරව රුපියල් ලක්ෂ 2 බැගින් දඩ නියම කෙරුණා.

එම තීන්දුව සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයන් පසුගිය මැයි මස 15 වැනිදා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා.

අභියාචනයේ තීන්දුවට යටත්ව විත්තිය විසින් ගොනු කළ ඇප ඇයැදුම මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඉදිරියේ සලකා බැලුණු අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විරුද්ධව කරුණු දක්වා සිටියා.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳි මහතා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන ජූලි 02 විරෝධතා ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලට දන්වා සිටි බවත් සඳහන්.

උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමරකෝන් මුදියන්සේලාගේ රංජිත් සමරකෝන් යන අය රජයේ සේවකයෙක් ලෙස කටයුතු කරමින් ඔහුගේ තනතුරට නීත්‍යනුකූල ව හිමිවන ඉන්ධන දීමනාව වැටුප සමඟ ලබා දී තිබියදී ඉන්ධන දීමනාව ලෙස රුපියල් 26,80,528.10ක මුදලක් 2012- 2014 වසර දෙක සඳහා ලබාගෙන තිබෙනවා.

ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන කටයුතු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

අයුතු ලාභ ලැබීම ‍සඳහා 2 වැනි විත්තිකාරියට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය දඬුවම් නියම කළා.

ගලෙන්බිඳුණුවැව, කැකිරාව පාරේ පදිංචි කේ. නිමල් විජේතිලක නම් තැනැත්තා සිය පුරවැසි හිමිකම අනුව 2015 වසරේ දී දූෂණ මර්දන කමිටුව මගින් අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කිරීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
9
+1
0
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34