AFC Banner
AFC Banner
Empty Ad

හිරුණිකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ, අනුව ඇය අද (20) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ කුමන කාරණයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා ඇත්ද යන්න නොදන්නා බවයි.

බොහෝ විට අරගලය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබා ගැනීමට ඉඩකඩ ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?