හිමිනම අවසන් ගමන් යැවීමට පැමිණි මෝටර් රියට ගිනි තබයි (වීඩියෝ)

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද 23 සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.

හේනගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අපවත් වූ මල්වතු හිරිපිටිය විහාරස්ථානයෙන් දානය වළඳා යළි හේනේගම විහාරස්ථානය කරා වැඩම කරවීම සඳහා සූදානමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ටී පනස්හයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි.

මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවට සැක කළ හැකි යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

ඝාතකයන් පැමිණි මෝටර් රථය සවිකර තිබූ ලියාපදිංචි අංකය හිමි මෝටර් රථය පානදුර එළුවිල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන ඇත. එම වාහනය  කිසිවකුටත් ලබා නොදෙන බවත්  බැටරියක්  මාරුකර  අලුත්වැඩියක් සඳහා පානදුරේ ගරාජයක යොමු කළ බව වාහනයේ හිමිකරු පොලිසිය කියා ඇත.

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
4
+1
4
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?