AFC Banner
AFC Banner
Empty Ad

හිමිකරුවෙක් නොමැති මෝටර් රථයක් මහරගමින් සොයාගෙන

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන තිබෙනවා.

මානව හිමිකම් සංවිධානයකට අයත් ස්ටිකරයක් ඉදිරිපස වීදුරුවේ අලවන ලද KIA වර්ගයේ නිල් පැහැති මෝටර් රථයක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මහරගම වෙළඳ සංගමයේ සාමාජිකයන් මහරගම පොලිසියට කළ දැනුම්දීමක මත මෙම රථය සොයාගෙන ඇති අතර, එහි අනතුරට ලක්වූ ස්ථාන කිහිපයක්ම නිරීක්ෂණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

වාහනය අසල හිස් මත්පැන් බෝතල් කීපයක් දක්නට ලැබෙන බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?