හිපෝ සත්ත්වයෙකු මිනිස් ජීවිත 20ක් පමණ අතුරුදහන් කරයි

මලාවියේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ ඔරුවක් හිපෝ සත්ත්වයෙකුගේ ගැටීමෙන් පෙරළී ගොස් පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදන් වී ඇති අතර බිළිඳු මළ සිරුරක් ගොඩ ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙලෙස පෙරළි ගොස් ඇත්තේ මලාවියේ දකුණු නසන්ජේ ප්‍රදේශයේ ෂිරේ ගංගාවේ යාත්‍රා කරමින් තිබූ ඔරුවක්.මෙම ගංගාව කිඹුලන් සහ හිපෝ සත්ත්වයන් ගහන ගංගාවකි.

මෙම ඔරුවේ පුද්ගලයින් 37 දෙනෙකු පමණ මොසැම්බිකානු ප්‍රදේශයේ සිට තම වගා කටයුතු සඳහා යමින් සිට ඇති අතර ගලවා ගැනීමේ කණ්ඩායම් අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට ඔරුවේ සිටි පුද්ගලයින් 13 දෙනෙකු බේරාගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
10
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?