හිතේ ඇති වූ ආශාවට ව්‍යාපාරික කාන්තාවක් රූපවාහිනී නිවේදකයාව පැහැරගෙන

රූපවාහිනී නිවේදකයෙක් පැහැරගෙන ගොස් ඔහුව විවාහකර ගැනීමට උත්සාහ කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද් හි 31 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් විසින් නිවේදකයාව පැහැර ගැනීම සිදුකර ඇති අතර, සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව නිවේදකයාව පැහැර ගැනීමට අදාළ ව්‍යාපාරික කාන්තාව විසින් කුලියට ගත් තවත් පුද්ගලයින් සිව්දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ත්‍රිෂ්නා නැමති සැකකාර කාන්තාව මීට වසර දෙකකට පෙර විවාහ වෙබ් අඩවියක නිවේදකයාගේ ඡායාරූපය දැක ඔහු කෙරෙහි ආශාවක් ඇතිව තිබෙනවා.

අනතුරුව ඇය විසින් නිවේදකයාගේ දුරකථන අංකය සොයාගෙන ඔහු හා සම්බන්ධ වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී නිවේදකයා ව්‍යාපාරික කාන්තාවට පවසා ඇත්තේ කිසියම් පුද්ගලයෙකු තම ඡායාරූපය යොදාගෙන අදාළ විවාහ වෙබ් අඩවියේ ව්‍යාජ ගිණුමක් නිර්මාණය කර ඇති බවයි.

එම ගිණුම තමන්ගේ නොවන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක අංශ වෙත තමන් පැමිණිලිකර ඇති බවත් ඔහු ව්‍යාපාරික කාන්තාවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව, ප්‍රනාව් සිස්ටා නැමැති මෙම නිවේදකයා කෙරෙහි තිබූ ආශාව අත්නොහැර ඇති අතර, ඔහු යන එන තැන සම්බන්ධයෙන් ඇය වසර කිහිපයක සිට නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වූ බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, අනුව ව්‍යාපාරික කාන්තාව විසින් හොර රහසේ නිවේදකයාගේ මෝටර් රථයේ ලුහුබැඳීමේ උපකරණයක් ද සවිකර ඇති බව හෙළිවී තිබෙනවා.

අනතුරුව ඇය නිවේදකයා සමඟ සමඟ විවාහ වීමට අදිටන් කරගෙන ඔහුව පැහැර ගැනීමේ සැලැස්ම සකස්කර ඇති අතර, ඒ සඳහා සහායට ඇය විසින් කුලියට තවත් පුද්ගලයින් සිව්දෙනෙක් ද සම්බන්ධ කරගෙන ඇති බව සඳහන්.

ඒ, අනුව පසුගිය 11 වනදා අදාළ පුද්ගලයින් විසින් රූපවාහිනී නිවේදිකාව පැහැරගෙන ගොස් කාන්තාවගේ කාර්යාලයේ දී ඔහුට පහරදීම් සිදුකර වද හිංසා පමුණුවා තිබෙනවා.

තම ජීවිතය ගැන බියෙන් රූපවාහිනී නිවේදකයා කාන්තාවගේ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට එකඟවීමෙන් පසු ඔහුව නිදහස් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස නිදහස්ව පැමිණි නිවේදකයා උප්පල් පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර ඇති අතර, එම පැමිණිල්ලට අනුව සැකකාර ව්‍යාපාරික කත සහ අනෙක් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40