හිටිහැටියේ මත්පැන් අලෙවියේ ඇති වූ වෙනස

මෙවර අලුත් අවුරුදු සමයේ දී පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පසුගිය කාලයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ පහත වැටී තිබූ අතර අවුරුදු සමයේ දී එය සියයට 20කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ මත්පැන් අලෙවියේ ඉහළ යෑමක් සිදු ව ඇත.මත්පැන් මිල අඩු කිරීමේ අරමුණින් සුරා බද්ද රුපියල් 2000කින් අඩුකරන ලෙස මත්පැන් නිෂ්පාදන සමාගම් මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නද එම ඉල්ලීම මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !