හිටිහැටියේම ඩොලරයේ අගය පහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 365ක් ලෙස සටහන් වී තිබුණා.

ඊයේ දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල ලෙස සටහන් කර තිබුණේ රුපියල් 377.49ක් ලෙසයි.

එමෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවල ඊයේ (12) දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380කට ආසන්න අගයකින් ගණුදෙනු සිදුවී තිබුණා