AFC Banner
Empty Ad
Empty Ad

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සජබය සමඟ එක්වෙයි (ඡායාරූප)

හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ සමගි ජන බලවේගය හා එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ අද (23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළකරන බව දන්වා සිටියා.

සමගි ජන බලවේගයට එක් වූ ඒ ඔහු ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දූෂණ විරෝධී ගමනේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් විශ්‍රාමික මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කළා.

WhatsApp Image 2024 02 23 at 11.34.02 AM
WhatsApp Image 2024 02 23 at 11.34.01 AM 1
WhatsApp Image 2024 02 23 at 11.34.01 AM
WhatsApp Image 2024 02 23 at 11.34.00 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?