AFC Banner
AFC Banner
Empty Ad

හිටපු පාප් වහන්සේ වෙනුවෙන් ශෝකය පළ කරන්න ජනපති යයි

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන් උඩේග්වේ හිමිපාණන් බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේ සමග කෙටි කථා බහක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

16 වන ‍බෙනඩික්ට් පාප් වහන්සේ වෙනුවෙන් සිය ශෝකය සනිටුහන් කරමින් එහි තැන්පත් කර ඇති විශේෂ ග්‍රන්ථයේ සටහනක් තැබූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ උන්වහන්සේගේ ඡායාරූපයට ද ගෞරව දක්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?