හිටපු ප්‍රබල ඇමතිවරයෙක්ගේ මාධ්‍ය ලේකම්වරයෙක් CIDයේ අත්අඩංගුවට

රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාලව ඊයේ (05) හිටපු අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 52 ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සැකකරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයෙක් ලෙස සිටියදී මෙම රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සැකකරු විසින් රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ කාර්යයන් සඳහා කුලි පදනම මත ලබාගත් වාහන මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කරමින් රුපියල් 1,746,000/= ක (රුපියල් දාහත්ලක්ෂ හතලිස් හයදාහක්) මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් පොදු දේපල පනතට ගැනෙන වැරදි කර ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31