හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුරය දරන සමයේ පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා මුදල් අනුමත කිරීම තුළින් අදාළ වරදට ආධාර හා අනුබල ලබාදුන් බවට චෝදනා එල්ලවූ, මේ වන රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 11 වැනිදා සිට අද (18) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.
ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කර තිබෙන ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (18) ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා දැනුම් දුන්නා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1



