හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට යළිත් සී.අයි.ඩීයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් රාජධානියේ සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ, අනුව ඔහුට හෙට (01) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

මේ අතර සංචාරය වටා ඇති චෝදනාවලට පිළිතුරුදීම අරමුණු කරගත්, තවත් ලේඛන කිහිපයක් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබෙනවා.

එය එක්සත් රාජධානියේ වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයෙන් ඔහුගේ නීතිඥයින්ට ලැබුණු බව එහි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?