හිටපු ජනාධිපති ලේකම්ට අද CID එන්න එපා කියයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද (01) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි දැනුම් දී තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව විසින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා.

එම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙරද ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?