හිටපු ජනාධිපති රනිල් අද සී.අයි.ඩීයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුමේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඔහු ජනාධිපති ධුරය දරණ සමයේ සිදුකළ විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පෞද්ගලික සහකාර සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කරගත්තා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතරතුර, ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යෑම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?