හිටපු ජනාධිපති රනිල් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකියි – බන්ධනාගාර කොමසාරිස්

දැනට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (26) දින බොහෝදුරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අද (26) දිනයේ හිටපු ජනාධිපතිවරයා අධිකරණයට බොහෝ දුරට ඉදිරිපත් නොකරන බවයි.

කෙසේ වෙතත් අධිකරණය විසින් හිටපු ජනාධිපතිවරයා මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණය සමඟ සම්බන්ධ කිරීමට නියෝග ලබාදුන හොත්, සූම් තාක්ෂණය ඔස්සේ ඔහුව අධිකරණය සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?