AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති මහින්දට ලබා දී ඇති නිල රථවලින් 03ක් සඳුදා යළි භාරදෙන්න සූදානමින්

පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව සැපයීමේ කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සංඛ්‍යාව 06ක් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය ලිපියක් මගින් රජයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දී තිබු ලිඛිත උපදෙස් මත එම නිල රථ හය අතුරින් ගිලන් රථයද ඇතුළු නිල රථ 03ක් ලබන සඳුදා (21) දිනයේ යළි භාරදීමට කටයුතු මේ වන විට සම්පාදනය කර ඇති බවයි එම ලිපිය මඟින් දන්වා ඇත්තේ.

ඒ, සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ද දැනුම්වත් කර ඇති බව ද එහි සඳහන්.

කෙසේ වෙතත් රාජ්‍ය බුද්ධි සේවා විසින් නිකුත් කර ඇති ආරක්ෂක තක්සේරු වාර්තා හා බුද්ධි තොරතුරු අනුව දැනට ලංකාවේ සිටින දේශපාලනික නායකයින් අතරින් ඉහළම තර්ජනයකට ලක්ව සිටින දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ බවයි අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

එවැනි පසුබිමක, අදාළ නිල රථ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබූ බව තවදුරටත් එහි දක්වා තිබෙනවා.

2 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?