හිටපු ජනපති මහින්දගේ FR පෙත්සම සලකා බැලීමට දින දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණයට එරෙහිව ඒ මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

ඒ පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.

ඊට අමතරව මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව විරෝධතා ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන්ට අවසර ලබා දුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශ්වයට ද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බවත් සඳහන් කළා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවාදායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන්නා.

ඔහුගේ ආරක්‍ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?